Skip to main content

Posts

Showing posts from October, 2021

House Of Dragon

  Game Of Thrones මතකය ආයේ අරගෙන එන House Of Dragon ටීසර් එක රිලීස් වුණා 🤍. HBO එකෙන් 2011 කරපු GOT Series එක නොදන්න කෙනෙක් නැති තරම්. Season 1 ඉදලා ම ගොඩක් සාර්ථක වුණත් එකේ අවසානය නම් හරිගියේ නෑ. ඉතින් එක හරිගස්සන්න House Of Dragon කියලා එකක් හදනවා.  HBO ආයතනය කතා මාලාව HBO Max ස්ට්‍රීමින් සර්විස් එකෙන් 2022 වසරේදී රිලීස් වීමට නියමිතයි.කොහොම හරි මීට සුලු මොහොතකට කලින් කතා මාලාවේ පළවෙනි ටීසර් එක HBO Max YouTube චැනලය ඔස්සේ නිකුත් කළා. හරි ඔන්න අවුරුදු 03 ක වගේ කාලෙකට පස්සේ අපිට ආයෙත් වෙස්ටරෝස්වල සැරිසරන්න අවස්තාවක් උදාවෙනවා. කතා මාලාව සඳහා දැනටමත් ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදයක් ලැබී තිබෙන බව ටීසර් එකෙන් ඔප්පු වෙනවා.HOTD කතා මාලාව GOT කතා මාලාවේ ප්‍රධානම චරිතයක් වුනු ඩැනේරිස් ටාගේරියන්ගේ මුතුන්මිත්තන්ගේ සිවිල් යුද්ධය පාදක කරගන්නවා. විශේෂම කාරණාව තමා මේ කතාමාලාවත් ඉතා දැවැන්ත වියදමක් දරා නිර්මාණය කිරීම.ඉතිං මේ වතාවේ මකරුන් පවා තුන්දෙනෙක්ට සීමා නොවී දැකගන්න ලැබේවි.අවුරුදු කිහිපයකට පස්සේ නැවත වතාවක් GoT ප්‍රේක්ෂකයින්ට මෙන්න මේ විදිහට වෙස්ටරෝස්වල උණුසුම විඳගන්න හැකියාව ලැබෙනවා...