ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් අතින් නිර්මාණය වුන ලෝක ප්‍රසිද්ධ රහස්පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් චරිතය 2023 ජනවාරි 1 වෙනිදා සිට පූර්ණ වශයෙන් මහජන අයිතියට පත්වෙයි. එලෙස ෂර්ලොක් හෝම්ස් චරිතය පූර්ණ වශයෙන් මහජන අයිතියට පත්වෙන්නෙ The Case-Book of Sherlock Holmes නම් කෙටිකතා 12කින් සමන්විත අවසන් ෂර්ලොක් හෝම්ස් කතා පොත සඳහා අයත්ව තිබූ බුද්ධිමය දේපල හිමිකම් අවසන් වීම නිසයි. මේ කතා පොතෙ අඩංගු කතා 12 අතරිනුත් කතා 9 ක් පමණයි බුද්ධිමය දේපල හිමිකම් යටතේ මහජනය අයිතියට විවෘත වෙලා තිබුනෙ නැත්තෙ. ඒ කතා 9 තමයි මේ විදියට පූර්ණ ජනතා අයිතියට පත්වුණේ. ඒ අනුව මේ වෙද්දි ෂර්ලොක් හෝම්ස් චරිතය මහජනයාට කැමති ආකාරයකට ඕනෑම වෙනස්කමක් සිද්ධ කරන්න නීතියෙන් අවසරය ලැබෙනවා. ෂර්ලොක් හෝම්ස් චරිතයට අමතරව Virginia Woolf ගෙ The Lighthouse සහ Expired Sunday යන කෘතීන්ද නීතිමය අවසරයකින් යුතුව පූර්ණ වශයෙන් මහජනයාට විවෘත වෙනවා.
ලංකාවේ දිනෙන් දින වැඩි වන ෆිල්ම් උන්මාදය වෙනුවෙන් තමා මේක හැදුවේ. Film වල අපි නොදත් දේවල් දැන ගන්න.